ඇල්පිටිය බස් ඩිපෝවේ රියදුරු කොන්දොස්තර ඇතුලු සේවකයෝ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (22) වැඩවර්ජනයක නිරතවී සිටිති.
වැටුප් වැඩිවීම සහ හිග වැටුප් ගෙවීමට සිය පාලන අධිකාරිය කටයුතු නොකිරීම නිසා තමන් මේ වැඩවර්ජනය එක්වූ බව එයට සහභාගීවූ සේවකයෝ කියති.
සිය රාජකාරිවලින් බැහැරව ඔවුන් මෙසේ වැඩවැරුමේ නිරතවී සිටින බැවින් ඇල්පිටියේ ලංග බස් සේවාව මුළුමනින්ම ඇණ හිටි තිබේ.
0










