ආණ්ඩුවේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය මාලිමාවේ අපේක්ෂකයාගේ අවසන් කටයුතු අද

ආණ්ඩුවේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය මාලිමාවේ අපේක්ෂකයාගේ අවසන් කටයුතු අද

ජාතික ජන බලවේගය පසුගිය (26) වැනිදා කොළඹදී පැවත් වූ විරෝධතාවයට පොලිසිය එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය නිමල් අමරසිරි (60)පුද්ගලයාගේ අවසන් කටයුතු අද (01) සවස නිවිතිගලදී සිදුකිරීමට නියමිතය.

රෝහල්ගත කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඔහුට ඉරිදා රාත්‍රියේම හෘද සැත්කමක්ද සිදුකර ඇති බවද වාර්තා වේ.

මියගිය නිමල් අමරසිරි මහතා නිවිතිගල ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් අපේක්ෂයෙකු ලෙස නාමයෝජනා භාරදී තිබුනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්