අධි අවදානම් ලෙස ඩෙංගු ව්‍යාප්තිය සිදු වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 21 ක් අලුතින් හඳුනා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තා කරයි.
හෝමාගම, බොරලැස්ගමුව, හංවැල්ල, රත්මලාන, දිවුලපිටිය, දොම්පෙ, මීරිගම, බණ්ඩාරගම, මහනුවර නගර සභා බල ප්‍රදේශය, වත්තේගම, යටි නුවර, කයිට්ස්, සන්දිලිපේ, මුලතිව්, මඩකලපුව, චෞකලඩි, ආණමඩුව, දංකොටුව, මුන්දලම, මහවැව,දෙහිඕවිට යනාදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 21 අලුතින් හඳුනාගත් ඩෙංගු දිනපතා ව්‍යාප්තිය වැඩි ප්‍රදේශයන් බවට තහවුරු කර තිබේ.
පසුගිය සතිය තුළ දී පමණක් ඩෙංගු ආසාදිතයන් 2142 ක් වාර්තා වී ඇති අතර . ආසාදිතයන් වාර්තා වීම පසුගිය වසරේ අවසන් සතියේ වාර්තා වූ ආසාදිතයන්ට වඩා සියයට 26.1 ක වැඩි වීමක් බවත් ජාතික ආසාදිත ඩෙංගු මර්දන ඒකකය වාර්තා කරයි.
0










