සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත වූ සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බවත් ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ අතර ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව පසුගිය 24 වැනිදා පළමු කණ්ඩායම වශයෙන් 08 දෙනෙක් මෙරටට පැමිණි අතර තවත් කාන්තාවන් 06 දෙනෙකු ඊයේ (02) දිවයිනට පැමිණෙන බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
0










