ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සටන පටන්ගත්තේ මේ ආණ්ඩුව පළවා හරින තුරු අරගල කිරීමටයි – ඩී.එම්.ඩී. අබේරත්න

ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සටන පටන්ගත්තේ මේ ආණ්ඩුව පළවා හරින තුරු අරගල කිරීමටයි – ඩී.එම්.ඩී. අබේරත්න

ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සටන පටන්ගත්තේ මේ ආණ්ඩුව පළවා හරින තුරු අරගල කිරීමට යැයි දුම්රිය වෘත්තීය සමිති සංධානයේ ඩී.එම්.ඩී අබේරත්න පවසයි.

ඔහු මේ බව පැවසූවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“තමන්ට ලැබෙන පඩියෙන් කාලා බීලා සතියක් ජීවත් වෙන්න බැහැ. පාලකයෝ අන්ධයෝ, ගොලූවෝ, බිහිරෝ වගේ ඉන්නවා. මේ නිසා ඇතිවන ජනතා උද්ඝෝෂණ තහනම් කරන්න නීති රීති රනිල් ගෙනත් තිබෙනවා. රනිල්ගේ මාමා එදා ත‍්‍රස්තවාදයක් නැති වෙලාවේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවා. අද බෑනා ඒ පනත යොදාගෙන ජනතා ප‍්‍රශ්න, ශිෂ්‍ය ප‍්‍රශ්න යටපත් කරන්න යොදා ගන්නවා.

ආණ්ඩු ගෙදර යැව්වේ මේ රටේ ජනතාව. වැඩකරන ජනතාව ආණ්ඩු හදලා නැහැ. කම්කරු පන්ති ව්‍යාපාරය මර්දනය කරන්න බැරි බව රනිල්ටත් රනිල් වටේ ඉන්න හතර පස්දෙනාටත් අපි අවධාරණය කරනවා. උඹලාගේ බලය සදාකාලික නැහැ. හයිඩ්පාක් පිට්ටනිය සටන්කාමී මධ්‍යස්ථානයක්. ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සටන පටන්ගත්තේ මේ ආණ්ඩුව පළවා හරින තුරු අරගල කිරීමටයි. ඒකාන්ත වශයෙන්ම මේ අරගලය අපි ජයගන්නවා.”

Facebook
Twitter
LinkedIn