වෙඩි තැබීමකින් 21 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් 21 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

වවුනියාව, නෙදුන්කේනි පොලිස් වසමේ ශිවා නගර් ප්‍රදේශයේ පදිංචි 21ක් හැවිරිදි තරුණියකට ඊයේ (18) රාත්‍රී කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

පොලිසිය සඳහන් කරන්නේ, ඝාතනයට ලක් වූ අදාළ තරුණිය තම නිවස පිටුපස දොර විවෘත කර මිදුලට පැමිණි අවස්ථාවේ නිවස අසළ සැඟව සිටි අයෙකු වෙඩි තබා පළා ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරන බවය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වීම සඳහා වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නෙදුන්කේනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Facebook
Twitter
LinkedIn