අටමස්ථානාධිපති හිමියෝ අපවත් වෙති…

අටමස්ථානාධිපති හිමියෝ අපවත් වෙති…

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියෝ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී අපවත් වී තිබේ.

අපවත් වනවිට උන්වහන්සේ 69 වැනි වියේ පසුවිය.

මීට සති තුනකට පමණ පෙර ගිලන් තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

1953 වසරේ ජන්මලාභය ලද පල්ලේගම සිරිනිවාස නාහිමි 1968 වසරේ අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ. මාළිගාකන්ද විද්ද්‍යෝදය මහ පිරිවෙනෙන් අධ්‍යාපනය හදාරා ඇති උන්වහන්සේ 1984 වසරේදී කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඇත. ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි 1997 වසරේදී අටමස්ථානාධිපති ධුරයට පත් වූ අතර උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ලෙස ද උන්වහන්සේ කටයුතු කර තිබේ.

Facebook
Twitter
LinkedIn