නඩු ඉල්ලා අස්කර ගැනීමේ ක්‍රියාවලියට අධිකරණයෙන් මතක හිටින පාඩමක්

නඩු ඉල්ලා අස්කර ගැනීමේ ක්‍රියාවලියට අධිකරණයෙන් මතක හිටින පාඩමක්

ලංකා දුම්කොළ සමාගම සහ ඩී.එස් ගුණසේකර සමාගමට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රගීත් ජාලිය ජයතිලක අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් විනිසුරුවරයා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (18) එම අධිකරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ පද්මාල් වීරසිංහ විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලි පාර්ශවය එකඟවී ඇති බව ඒ අනුව ඒ සඳහා අවසර ලබා දෙන ලෙසත් රජයේ අධි නීතිඥවරයා ඉල්ලා ඇත. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරීය එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරමින් 2023 පෙබරවාරි 17 වෙනිදා නඩුව යළි කැඳවීමට නියෝග කර ඇත.

එම නඩුවේ පැමිණිලිකරු වන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රගීත් ජාලිය විවෘත අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබියදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා තිබීම විශේෂත්වයකි. සිගරට් පැකට්ටුව මත සෞඛ්‍ය අවවාද පැහැදිලිව පෙනෙන සේ මුද්‍රණය කර නොතිබීම පදනම් කර ගනිමින් අදාල නඩුව පවරා තිබිණි.

Facebook
Twitter
LinkedIn