හදිසි අනතුරකින් එකම පවුලේ සීයා, ආච්චි සහ මුනුපුරා ජීවිතක්ෂයට

හදිසි අනතුරකින් එකම පවුලේ සීයා, ආච්චි සහ මුනුපුරා ජීවිතක්ෂයට

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ රිදීබැඳිඇල්ල මන්සන්දියේ පන්සල අසළ අද (17) පෙරවරු 10.30ට පමණ සිදු වූ රිය අනතුරකින් එකම ලවුලේ සීයා, ආච්චි සහ මුනුපුරා මරණයට පත්ව ඇතැයි නාගොල්ලාගම පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථය මාර්ගයෙන් ලිස්සා යාම හේතුවෙනි.

මෝටර් රථියේ ඉදිපර අසුගෙන සිටි 71 හැවිරිදි ඩබ්ලිව්.එම් සුනන්ද වර්ණකුලසූරිය, සිව්වන වියේ පසුවූ ඩබ්ලිව්.එම් ආදිත්‍ය මනුල සහ එම මෝටර් රථයේ පසුපස අසුන්ගෙන සිටි 70 හැවිරිදි වියේ පසු වූ ඩබ්ලිව්.එම් ලීලාවතී යන තිදෙනාය.

රථය පදවාගෙන් ගිය 45 හැවිරිදි නීතිඥවරිය සහ රියදුරු අසුනට පසුපස අසුනේ සිටි ඇයගේ තවත් ඥාතිවරියක කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දෙදෙනා හදිසි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන් අසාධ්‍ය තත්වයේ පසුවන බවත් වාර්තා වේ.

මියගිය තිදෙනාගේ මෘත ශරීර මේ වනවිට වාරියපොල රෝහලේ තැන්පත් කර ඇත.

රථයේ ගමන් කර ඇත්තේ අනුරාධපුර ගුවන්තොටුපල මාර්ගයේ පදිංචි එකම පවුලක පිරිසක් වන අතර මිය ගිය ඩබ්ලිව්.එම් සුනන්ද වර්ණකුලසූරිය සියනෑ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙකු වන අතර ඩබ්ලිව්.එම් ලීලාවතී සියනෑ විද්‍යා පීඨයේ හිටපු කතිකාචාර්යවරයෙකි.

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නාගොල්ලාගම පොලිසි පවත්වයි.

Facebook
Twitter
LinkedIn