ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (17) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ට්‍රිවාන් අන්නක්කාරගේ සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය එක්ව සිටියහ.

මේ වනවිට රට තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn