ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්රධාන පරිශ්රයේ විදුලි බිල් නොගෙවීම මත අද (17) දහවල් විදුලිය විසන්දි කර ඇති අතර මේ වනවිට ඩීසල් විදුලි උත්පාදක යන්ත්රවලින් විදුලි බලය ලබා ගැනීමේ හැකියාවද ඉතාම සීමිත වී ඇති බව වාර්තා වේ.
රුපියල් ලක්ෂ 48ක පමණ බිලක් නොගෙවීමෙන් විදුලිය විසන්දි කර තිබේ. ඩීසල් විදුලි ජනන යන්ත්ර හෙට පෙරවරුව දක්වා පමණක් ක්රියා කරවීමට ප්රමාණවත් ඉන්ධන පමණක් තිබෙන බවද අනාවරණය වී ඇත. ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙබඳු බංකොලොත් තත්වයකට ඇද වැටීම ආරම්භ වුයේ විශේෂයෙන් ම 2015 ජනවාරි 08 වෙනි දින පවත්වන ලද ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ විසින් එම සංස්ථාවේ දේපළ අවභාවිතා කරමින් දැන්වීම් සඳහා මුදල් නොගෙවීම නිසා බවද විගණන වාර්තාවලින් මෙයට පෙර තහවුරු වී තිබිණි.
අවම වශයෙන් මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්රචාරණ කටයුතු සඳහා රුපියල් කෝටි 35ක පමණ මුදලක් රූපවාහිනි සංස්ථාවට අයවිය යුතුව තිබේ. එසේම, එවකට මෛත්රිපාල සිරිසේනගේ ප්රචාරක දැන්වීම් බාර නොගැනීම නිසා තවත් විශාල ආදායමක් අහිමි වී තිබිණි.









