පස්සා දොරෙන් ආ වත්මන් නායකයාගෙන් යුක්තියක් බලාපොරොත්තු වෙන්න බැහැ – කාදිනල් හිමියෝ

පස්සා දොරෙන් ආ වත්මන් නායකයාගෙන් යුක්තියක් බලාපොරොත්තු වෙන්න බැහැ – කාදිනල් හිමියෝ

ජනතා කැමැත්තෙන් තොරව පස්සා දොරෙන් තනතුරට ආ වත්මන් නායකයා ජනතාවට යුක්තිය ඉටු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පවසතා ඇත්තේ බටපත්තල සාන්ත තෙරේසා දෙව් මැදුරේදී ඊයේ (16) පැවති ජුබිලි මංගල මහා දිව්‍ය යාගය වාර්ෂික මංගල්‍යයට එක්වෙමිනි.

2019 අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ට මෙතෙක් සාධාරණයක් ඉටුවී නැතැයි කී අගරදගුරුතුමෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව කයිවාරු ගැසුවත් මේ සම්බන්ධයෙන් කිසිවක් කර නැතැයිද පවසා තිබේ.

එම විනාශයෙන් පසු හිටපු ජනාධිපතිවරයා පත්කළ උසස් නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුව, වත්මන් ජනාධිපතිවරයා අගමැති ලෙස සිටියදී පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙන්ම හිටපු ජනාධිපතිවරයා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවෙන් ආ නිර්දේශවලින් කිසිවක් ක්‍රියාත්මක වී නැතැයි පවසන මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ දෙවියන් වහන්සේගේ විනිශ්චය ගැන විශ්වාසය තැබීම හැර කළ හැකි දෙයක් නැතැයි ද ප්‍රකාෂ කර ඇත.

එළඹෙන නත්තල බොරු ආටෝපවලින් තොර ගවලෙනේ නත්තලක් බවට පත්කරගෙන දුගී දුප්පත් ජනතාවට උපකාර කරන්නැයි තමන් සියලු කිතුණු බැතිමතුන්ගෙන් සහ දේවස්ථානවලින් ඉල්ලීමක් කරන බව කාදිනල්තුමෝ පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn