මුහුද රළුයි… යන්නේ බලාගෙනයි…

මුහුද රළුයි… යන්නේ බලාගෙනයි…

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ හා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක රළු ස්වභාවයක් ගන්නා බවත් විටින් විට ඉතා රළු ස්වභාවයක් ගන්නා බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ත් – 3.0ත් අතර ප්‍රමාණයකට ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවන බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී 20-40 පමණ විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn