පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතුවල නිරත වූ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති ඔහු ඊයේ (02) රාත්‍රි කාලයේදී ඉන් පිටතට පැමිණ තිබේ. ඉන් පසු ඔහු ගැන තොරතුරක් අනාවරණය වී නැත.
මෙම සිසුවා කඩවත – ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
මීට පෙරද එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අධ්‍යන කටයුතුවල නිරත වූ සිසුවෙකු අතුරුදන්වී සිටි අතර පසුව ඔහුගේ සිරුර මහවැලි ගඟේ තිබියදී සොයා ගන්නා ලදී.
Views: 0










