රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙසින් අලුතින් හඳුන්වා දී ඔක්තෝබර් පළවෙනි දින සිට ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ බද්ද වක්‍රාකාරව ක්‍රියාත්මකවීම නිසා මේ වනවිට පවතින උද්දමනය තවත් පිමි පනිමින් යනු ඇති බවට ආර්ථික විශ්ලේශකයන් අනතුරු අඟවයි.
විශේෂයෙන් ම මේ වනවිට ආහාර උද්දමනය 93% ඉක්මවා තිබීම මත සමාජ ආරක්ෂණ බද්දක් ක්‍රියාත්මකවීමෙන් තත්වය තවත් දරුණු අතට පත් වේ. එම බද්ද 2.5%ක් වුවද භාණ්ඩ මත අවස්ථා කිහිපයකදී ක්‍රියාත්මකවීම ව්‍යවහාරයේදී හඳුන්වන ද්විත්ව බදු ක්‍රමය අදාළ වනු ඇති බවත් මේ නිසා භාණ්ඩ මත පවතින 15%ක වැට් බද්ද වක්‍රාකාරව ඉහල යාම අනිවාර්ය වී තිබේ.
සහල් පිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලම මෙම බදු පැනවීම මත තව දුරටත් ඉහල යමින් ඔක්තෝබර් අවසන්වන විට ආහාර උද්දමනය 100% ඉක්මවනු ඇති බවට පුරෝකතනය කර ඇත.
2










