ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ චක්‍ර ලේඛයක් රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන්

ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ චක්‍ර ලේඛයක් රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී.කේ. මායාදුන්න ඊයේ (27) නිකුත් කර තිබෙන චක්‍ර ලේඛයක් අනුව “දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියෙකු” යනුවෙන් සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය කෙරෙන වගන්තියක් සඳහන් කර තිබේ.

මෙහි සඳහන් “දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියෙකු” යන්නෙන් බරපතළ ඇඟවීම් සිදුකර ඇත. ආයතන සංග්‍රහයට අනුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් “ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීම“ පමණක් සීමා කර තිබේ. ඒ වෙනුවට දේශපාලන අයිතිවාසිකම් භුක්තිවිඳීමට යනුවෙන් සඳහන් කර තිබීම ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සමාන බව නිරීක්ෂකයන් පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම් අනුව “කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාවද කුළය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතූන් මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ ය.“ යනුවෙන් සඳහන් මූලික අයිතිවාසිකමට ඉඳුරාම පරස්පර තත්වයක් බවත් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට පවා සිදුවී ඇති බවත් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්