ඉඩම් වෙන්දේසිය නව වටයකින් අරඹයි

ඉඩම් වෙන්දේසිය නව වටයකින් අරඹයි

පශු සම්පත් මණ්ඩලයට අයත් මහා පරිමාණ ගොවිපලවල් හයක් විදේශ ආයෝජකයන්ට ලබාදීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

මේ සඳහා ටෙන්ඩර්පත් කැඳවා ඇති අතර විදේශිකයන් කෙරෙහි මූලික අවධානය යොමු කර තිබේ. කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මෙම ටෙන්ඩර් කැඳවීම පිළිබඳව කිසිවක් නොදන්නා බවත් හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර යටතේ මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

මහින්ද අමරවීර යටතේ වෙන්දේසි කෙරෙන ගොවිපලවල් හයෙහි (06) අක්කර දහස් ගණනක් අයත් ය. නුවරඑලිය බෝපත්තලාව ගොවිපලේ අක්කර 1,133ක්, අනුරාධපුර ඔයාමඩුව ගොවිපලේ අක්කර 1,477ක්, අනුරාධපුර පරසන්ගස්වැව ගොවිපලේ අක්කර 1,632ක්, හම්බන්තොට වීරවිල ගොවිපලේ අක්කර 472ක්, පුත්තලම ඔට්ටුකච්චිය ගොවිපලේ අක්කර 590ක් සහ කුරුණෑගල නිකවැරටිය ගොවිපලේ අක්කර 1,054ක් ආදී වශයෙන් අයත් වේ.

ඡායාරූප – www.newday.lk

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්