ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ 2020 වසරේ ජනවාරි සිට 2022 මාර්තු දක්වා මාස 27ක තුළ අවම වශයෙන් රුපියල් කෝටි 230,000ක් (රුපියල් බිලියන 2,300) මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවේ.
එසේ මුද්‍රණය කිරීම 2020 වසරේදි රුපියල් කෝටි 50,500ක් ලෙස වාර්තා වන අතර 2022 ජනවාරි සිට මාර්තු දක්වා පළමු කාර්තුව තුළ පමණක් රුපියල් කෝටි 58,800ක් තරම් අති විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත.
වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත්වූ පසුව මුදල් නෝට්ටු මුද්‍රණය නතර කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණ ද මේ දක්වා එය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වී තැත. රනිල් වික්‍රමසිංහ විසින් අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ 2024 වසරේදී මුදල් නෝට්ටු අච්චු ගැසීම නතර කරන බවය.
7










