පණ්ඩිත කතා කියන්න එපා – මහා සංඝ රත්නය දිනේෂ්ට කියයි

පණ්ඩිත කතා කියන්න එපා – මහා සංඝ රත්නය දිනේෂ්ට කියයි

පණ්ඩිත කතා කියන්නමින් අවුල් සහගත තත්වයන් ඇති කරන්න එපා යැයි බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය කිතලගම හේමසාර හිමියෝ අගමැති දිනේෂ් ගුණවර්ධනට අවධාරණය කරති.

ඒ හිමියෝ මේ බව පැවසූවේ අගමැති දිනේෂ් ගුණවර්ධනද සහභාගී වී සිටි, මාදිවෙල ශ්‍රී ඥානානන්ද බෞද්ධ මධ්‍යස්ථානයට අයත් ශ්‍රී චන්ද්‍රජෝති විහාරස්ථානයේ 50 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“දැන් රට යම් යම් ප්‍රශ්නයන්ට මුහුණ පා තිබෙන අවස්ථාවක මම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලන්නට කැමතියි තමුන්නාන්සේලා හෝ පරිනත දේශපාලනඥයෙක් විදියට කරුණාකරලා ඔබතුමාගේ අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දෙන්න. මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. විරුද්ධ පක්ෂය සමග අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒ කියන්නේ පිඳුරු ගොඩකට ගිනි තියන්න එපා කියන්න. ඒ වගේ දෙයක් තමා පහුගිය දවසක සිද්ධ වුණේ.

ලයිට් බිල එවන්න කිව්වා ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ටයි කාදිනල් හිමිටයි අනවශ්‍ය කතාවක්නේ. දැන් මේ ලයිට් බිල් නිසා අපි ගිනි අරන් තියෙන වේලාවක.

ගිය මාසේ මගේ රු. 7,000යි මේ මාසේ රු. 41,000යි. මම කොහොම ද ගෙවන්නේ? ගෙවන්න බැහැ. ගෙවන්න පුළුවන්කමක් නැහැ. මං හිතනවා රජය යම්කිසි සහන වැඩපිළිවෙලක් අපිට සලසයි කියලා. ලොකු තැන්වල ලයිට් බිල් රජයෙන් ගෙවනවා. එ් නිසා අපිට ගැටලු තියෙනවා. ඒ පිළිබඳ කල්පනා කරලා කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔය පණ්ඩිත කතා කියන්න එපා කියන්න ඇමති මණ්ඩලයට.”

Facebook
Twitter
LinkedIn