රනිල්ගේ වැඩ නිසා ලංකාව පරදවන්න ජිනීවාවලදී බහුතර ඡන්දයක්

රනිල්ගේ වැඩ නිසා ලංකාව පරදවන්න ජිනීවාවලදී බහුතර ඡන්දයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මේ වෙනවිට පැවැත්වෙන 51 වන සැසි වාරයේදී වර්තමාන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ක්‍රියා කලාපය මූලික කර ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව විශාල බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලැබෙනු ඇති බවට අනාවැකි පළවී තිබේ.

මෙම ඡන්ද විමසීමේදී සාමාජික රටවල් 47ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා තිබෙන අතර එයින් ඡන්ද 24කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට විරුද්ධව ලැබෙනු ඇති බවද, ලංකාව වෙනුවෙන් ඡන්ද 12ක් පමණ ලැබෙනු ඇති බවද පුරෝකතනය කර තිබේ. ඉතිරි රටවල් ඡන්දය දීමෙන් වැළකී සිටීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර නිරීක්ෂකයන් මත පළ කර තිබේ.

මෙම සැසි වාරයේදී පාලකයන්ගේ ආර්ථික අපරාධ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස මුල් වරට ඉදිරිපත් කරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ පාලනයේදී මෙන්ම රනිල් වික්‍රමසිංහ පාලනයේදී ද ඒ ආකාරයෙන්ම ආර්ථික අපරාධ සිදු කරමින් පවතී. ඊට අමතරව රාජ්‍ය මර්දනය ද විශාල වශයෙන් සාකච්ඡාවට ලක් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්