රනිල්ගේ ආණ්ඩුවෙන් මහජන බැංකුවට කැපිල්ලක්

රනිල්ගේ ආණ්ඩුවෙන් මහජන බැංකුවට කැපිල්ලක්

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මහජන පවත්වාගෙන යන ගිණුමට සිපෙට්කෝ ඉන්ධන අලෙවිහල්වලින් ලැබෙන ආදායම් බැර නොකරන ලෙසට ගෝටාබය රාජපක්ෂ පාලන සමයේ ලබා දී තිබූ වාචික නියෝගය ඉක්මනවා රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ලිඛිත නියෝගයක් ලබා දී තිබේ.

මෙම නියෝගය කර ඇත්තේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) වරුණ වීරසූරිය විසිණි. ඔහු පසුගිය 23 වෙනිදා දිනෙන් යුතුව මෙම නියෝගය කර ඇත. මෙම නියෝගය නිකුත්කර ඇත්තේ රජයට අයත් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් කෝටි 37,000ක පමණ ණයක් ගෙවීමට තිබියදීය.

මහජන බැංකුවට අයවිය යුතු එම සංස්ථාවේ ණය මුදල්, ගිණුමට ලැබෙන මුදල්වලින් කපා ගැනීමේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයට මුහුණදීම සඳහා මෙම පියවර ගෙන ඇත. ලංකා බැංකුවටද එවැනිම නියෝගයක් කළ හොත් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සියලුම මූල්‍ය ගණුදෙනු පෞද්ගලික බැංකුවලට සීමාවනු ඇත. ගෝටාබය රාජපක්ෂ පාලන සමයේ මෙවැනි නියෝගයක් වාචිකව සිදු කර තිබුණත් එය ක්‍රියාත්මක කිරීම නොහැකි විය.

මෙයට පෙර සිලෙට්කෝ ඉන්ධන පිරවුම්හල් සඳහා ලබාදුන් ඉන්ධන විකිණීමෙන් පසුව මුදල් ගෙවීමේ පහසුකම ලබා දී තිබුණද නව ක්‍රමය යටතේ ඉන්ධන ලබා දෙන්නේ අත්පිට මුදල් ගෙවීම සිදුකළ පසුවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්