පොලිස් අත්අඩංගුවට පත් වීරවංස හිටපු ඇමතිවරයාගේ බිරිඳගේ ජාතික හැදුනුපත් දෙකක් ලබා ගැනීමට ඉදිරිපත් කළ ලිපිගොනු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සැකසීම වෙනුවෙන් ව්‍යාජ උප්පැන්න සහතික ඉදිරිපත් කරමින් හැදුනුම්පතක්ද සකස්කර තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ මූලික පරීක්ෂණවලදී වීරවංස හිටපු ඇමතිවරයාගේ බිරිඳ වැරදිකරු බව තහවුරු වී තිබේ. මීට අමතරව වීරවංස හිටපු ඇමතිවරයාද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් උප්පැන්න සහතිකයක් සකස් කර ඇති බවද අනාවරණය වේ.
ශෂී වීරවංස මේ වනවිට පොලිස් අත්අඩංගුව යටතේ පෞද්ගලික රෝහලක සිටී.
Views: 0









