මොරගහකන්දෙන් අවතැන් වූවන් විරෝධතාවයේ

මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූවන් වෙනුවෙන් “මොරගහකන්ද ජන අයිතිය සුරැකීමේ සංවිධානය” අද (23) පෙරවරුවේ නාවුල නගරයේදී උද්ඝෝෂණයක නිරත වී තිබේ. උද්ඝෝෂකයින් පෙන්වා දී ඇත්තේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීම වෙනුවෙන් පවරාගනු ලැබූ තමන්ගේ ඉඩම් සඳහා මේ දක්වා කිසිදු සහනයක් නොලැබුණු බවයි.

විශාල පිරිසක් සහභාගී වූ මෙම විරෝධතාවය අධික වර්ෂාව මැද පැවැත්වී තිබේ. එහිදී විරෝධතා කරුවන් ආණ්ඩුවට බලකරමින් කියා සිටියේ තමන්ට හිමිවිය යුතු වන්දි මුදල් සහ සුදුසු ස්ථානයකින් ඉඩම් ලබාදීමට කටයුතු කරන ලෙසය.

Facebook
Twitter
LinkedIn