හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට පෙර හදිසියේම ඉන්දියාවේ තිරුපති කෝවිලට ගොස් භාරහාර වී පැමිණ මෙරට බොහෝ සිද්ධස්ථානවලටද ගොස් ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා ආශිර්වාද ලබා ගෙන පරාජය වීමෙන් පසු ප්‍රථම වරට අද (23) උදෑසන කතරගම මහදේවාලයට ගොස් භරයක් වී ඇති බව වාර්තා වේ.
උදෑසන 8.12ට ඔහු විසින් අඟල් හයක් පමණ උස රනින් නිම කළ ත්‍රිශූලයක රිදී පඬුරක් ගැටගසමින් මම භාරයක් වී ඇති බව පැවසේ. ඊයේ (22) කතරගම කිරි වෙහෙරේ පැවැති අසූහාර දහසේ පහන් පූජාවකට සහභාගීවී සර්වරාත්‍රීක පිරිත් දේශනයකටද ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන පවුලේ සාමාජිකයින් සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ යන දේශපාලනඥයින්ද සමග සහභාගී වී ඇත.
මීලඟ අගමැති වශයෙන් හිටපු ජනාධිපතිවරයාව නම් කළ යුතු යැයි බලකරන රැලියක් නුගේගොඩ පැවැත්වීමෙන් පසුව එයින් කිසියම් උත්තේජනයක් ලබා නැවත වරක් දෙවියන්ට භාරහාර වී දේශපාලනයට ප්‍රවේශ වීමේ උත්සාහය ගනිමින් සිටින බව මෙයින් පැහැදිලි වේ. මෙහි විශේෂත්වය වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය හෝ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහින්ද හිතවාදීන් කිසිවෙකුත් මෙයට සහභාගී නොවීමය.









