පෞද්ගලික අංශයට විකුණා දැමූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ප්‍රදේශීය වැඩපොළවල් අත්පත් කරගෙන ඒ සියල්ලේ සම්පත් විකුණා දමා රටින් පැනගොස් සිටී රවී වෙත්තසිංහ නම් ජාවාරම්කරුවා නැවත මෙරටට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත කිට්ටු වීමට උත්සාහ කරන බව වාර්තා වේ.
ඔහු එංගලන්තයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ මිතුරන්ගේ මැදිහත්වීමෙන් අග්‍රාමාත්‍යවරයා හරහා අදාල චෝදනාවලින් නිදහස් වීමට මේ වනවිට උත්සාහ ගනිමින් සිටින බව අනාවරණය වේ.
Views: 0









