තීනියාවල පාලිත හිමියන් ලංකා හොස්පිටල් සමාගමේ අධ්යක්ෂක මණ්ඩල සාමාජිකත්වය හරහා මාර්ග ඵල ලැබීමට කටයුතු කරමින් සිටී. යහපාලන ආණ්ඩුව විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙන අතර ලංකාවේ ප්රථම වරට ස්වාමීන්වහන්සේ නමක් සමාගමක අධ්යක්ෂක මණ්ඩලයට ඇතුළත් වීම මෙය බව වාර්තා වේ.
එක්සත් භික්ෂු පෙරමුණේ ප්රධාන ලේකම් ලෙස කටයුතු කරන පාලිත හිමියන් පසුගිය සමයේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විවිධ අවස්ථාවලදී කටයුතු කළ හිමිනමක්ය. එම හිමියන් අධ්යක්ෂක මණ්ඩලයට පත් කිරීම තනිකරම දේශපාලනය පදනම් කර ගත් පත් කිරීමක් වේ. මෙම පත් කිරීම සහ ධූරය භාරගැනීම සම්බන්ධයෙන් බරපතල විවේචන එල්ල වෙමින් තිබේ.
ලංකා හොස්පිටල් සමාගමේ සේවක සේවිකාවන් මෙම පත් කිරීම සම්බන්ධයෙන් ප්රකාශ කරන්නේ ”සෝවාන් සකෘදාගාමී මාර්ගඵල වෙනුවට අධ්යක්ෂ මණ්ඩල, සභාපතිකම් ඇතුළු මාර්ග ඔස්සේ පරම ලාභය සොයා යන” බවය. මෙම සමාගමේ අධ්යක්ෂක මණ්ඩල සාමාජිකයකු වශයෙන් පත්ව සිටිමින් සම්පූර්ණයෙන් මෙහෙය වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.









