අනාතවූවන්ගේ රැලියට අරක්කු ගඟක්….

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති කළ යුතු බවට ජනමතයක් ගොඩනැගීම සඳහා පසුගිය 18 වෙනිදා නුගේගොඩදී පවත්වන ලද රැලියට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හෝ කොමියුනිස්ට් පක්ෂයේ හෝ ලංකා සමසමාජ පක්ෂයේ හෝ පිළිගත් නායකයින් කිසිවෙකු සහභාගි නොවූහ.

දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු හිටපු ඇමැතිවරුන් සමග බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උදය ගම්මන්පිල විසින් මෙය සංවිධානය කර තිබුණද මේ පිටුපස සිට සියල්ල මෙහෙයවා ඇත්තේ මහින්ද  රාජපක්ෂ බව හෙළිවේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම පිළිබඳව ප‍්‍රකාශ කරමින්, පක්ෂය දෙකඩ කර හෝ යළි බලයට පත්වීම සඳහා විවිධ උපක‍්‍රම මහින්ද රාජපක්ෂ විසින් මේ වන විට යොදමින් සිටී.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රමුඛ පෙළේ නායකයන් මෙම සංවිධානය “අනාථ වූවන්ගේ සංගමය” යනුවෙන් හඳුන්වන බවද වාර්තා වේ. එම රැලියට සහභාගී කර ගැනීම සඳහා ජනාධිපතිවරණ සමයේ රැස් කර ඉතිරි කරගෙන තිබූ විශාල මුදලක් යොදවා ඇති බව හෙළිවේ. එමෙන්ම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප‍්‍රචාරක ව්‍යාපාරයේදී පාවිච්චි කිරීමට සූදානම් කර තිබුණද ප‍්‍රයෝජනයට ගත නොහැකිව තිබූ  ඡායාරූප සහ සී.ඩී. පට විශාල ප‍්‍රමාණයක් බෙදා ගන්නා ලද බවද අනාවරණය වේ.

ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ රැලි සඳහා සඳහා සහභාගි කරවූ පුහුණු කරන ලද ජයඝෝෂා කරන්නන් ද මෙම රැලියට සහභාගී කරගෙන ඇත. මෙසේ සහභාගී වූ පිරිමින්ගෙන් 80%ක් පමණ අධිකලෙස මත්පැන් පානය කොට පැමිණ සිටි බවද අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn