මහාමාර්ග අමාත්‍යාංශය යටතේ රාජ්‍ය සමාගමක් වශයෙන් අංක N.P.V.S 3669 යටතේ ලියාපදිංචි කර තිබූ “මාර්ග නිර්මාණ හා සංවර්ධන පුද්ගලික සමාගම” කිසිදු දැනුම් දීමකින් තොරව වසාදමා 20,000කගේ පමණ රැකියා අහිමි කර වසර 12ක් ගත වී තිබේ.
මෙම රාජ්‍ය සමාගම වසා දමා ඇත්තේ, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නියෝගයක් අනුව 2003 දෙසැම්බර් 29 වැනිදා රාති‍්‍රයේය. එදින රාති‍්‍රයේම රට පුරා පිහිටා තිබූ යාන්ති‍්‍රක කම්හල් සහ වැඩබිම්වලට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය යොදවා සේවකයන්ට තහනම් කලාපයක් බවට පත් කර ඇත. දෙසැම්බර් 30වෙනි දින සේවයට ගිය කිසිවෙකුට තම වැඩබිම්වලට හෝ කාර්යාලවලට ඇතුළු වීමට ඉඩ නොදී පළවා හැර තිබේ. මෙම සමාගමට අනුයුක්ත කර සිට ඇත්තේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි ස්ථිර සහ අනියම් කම්කරුවන්ය. ජේ. ආර්. ජයවර්ධන එවක ජනාධිපතිගේ විශේෂ නියෝගයක් මත 1984දී එම දෙපාර්තමේන්තුව වසා දමා ඇති අතර, එවකදී සේවකයන් 60,000ක් පමණ එහි සේවය කරමින් සිට ඇත.
හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසගේ “ගම්උදා” වැඩසටහන්වලටද “මාර්ග නිර්මාණ හා සංවර්ධන පෞද්ගලික සමාගමේ” සේවකයන් යොදවාගෙන ඇත. රනිල් වික්‍රමසිංහ පාලන සමයේ සමාගම වසා දැමීමෙන් සිදුවූ බලවත් අකටයුත්ත එවකට විපක්ෂනායකව සිටි මහින්ද රාජපක්ෂට දන්වා තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති වී රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි ලබා දෙන බව මුලදී පවසා තිබුණද, ජනාධිපති වීමෙන් පසු අවස්ථා ගණනාවකදී ඒ බව සේවකයන් විසින් ලිඛිතව දැනුම් දී ඇත. එහෙත් එම කිසිදු ලිපියකට පිළිතුරු දැක්වීමක් හෝ නොකළ බව මාර්ග නිර්මාණ හා සංවර්ධන පෞද්ගලික සමාගමේ “රැකියා අහිමි වූවන්ගේ සංගමය” පෙන්වා දෙයි.









