පසුගියදා ශ්‍රී ලංකාවට කැඳවනු ලැබූ දේශපාලන පත්වීම ලබා සිටී රාජ්‍යතාන්ත්‍රීක සේවයේ කටයුතු කළ 36 දෙනා අතර සිටී හිටපු ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල නැවත කැඳවීම මඟහැර ඇමෙරිකාවේ රැදී සිටීමට උත්සාහයක යෙදී ඇති බව වාර්තා වේ.
දේශපාලන පත්වීමක් මත ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන්ගේ දෙවන ලේකම් ලෙස 2011 වර්ෂයේදී නිව්යෝර්ක් වෙත ගිය චමිත්‍රි රඹුක්වැල්ල ඇයට හිමිව තිබූ වසර දෙකක කාලය අවසන් වීමෙන් පසුව නැවතත් 2013 වර්ෂයේදී වසර දෙකක සේවා දිගුවක් ලබා සිටින අතරතුරදී ඇයගේ පත්වීම දේශපාලන පත්වීමක් බැවින් නැවත ශ්‍රී ලංකාව වෙත කැඳවීම් කර ඇත.
එසේ තිබියදී විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කරමින් ඇය පවසා ඇත්තේ දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ෆැසිපික කණ්ඩායමේ සැසිවාර සංවිධානය කිරීමේ කමිටුවේ දරන උප සභාපති ධූර කාලය ලබන ජූලි මාසයේ අවසන් වන බැවින් එම කාලය අවසන් වන තෙක රැදී සිටීමේ අවස්ථාව ලබා දෙන ලෙසයි. තමන් ලංකාවට පැමිණියහොත් එම කමිටුව සමඟ ඇති සබඳතා අතහැර දැමීමක් සිදුවිය හැකි බවත් එම තනතුර හිමි වූයේ තමාගේ පුද්ගලික දක්ෂතාවයක් නිසා වන බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.









