වී මිලදීගැනීම මෙවරත් අර්බුදයක

මෙවර මාස් කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පමණක් මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇති බව හෙළි වේ. එහෙත් මාස්කන්නයේ මුලු වී අස්වැන්න දල වශයෙන් මෙට්‍රික්‍ ටොන් විසි අට ලක්ෂයක් පමණ වේ.

 

මේ අනුව රුපියල් 50 බැලින් වූ සහතික මිල යටතේ රජ‍ය මිලදී ගැනීමට සැලසුම් කර තිබුණේ මුලු අස්වැන්නෙන් 7%ක් වැනි ප්‍රමාණයක්ය. කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව මෙම ප්‍රමාණය මිලදී ගැනීමට නියමිතය. එයට අමතරව සමස්ත වී අස්වැන්න මිලදී ගැනීම සඳහා කිසිදු යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු කෙරී නැති බව මෙයින් හෙළි වේ.

Facebook
Twitter
LinkedIn