මහින්දගේ රියදුරා විගණකාධිපතිටත් ඉහළින් ඉඳලා

ජනාධිපතිවරයාගේ වාහන සම්බන්ධයෙන් තොරතුරු වාර්ෂිකව විගණකාධිපතිවරයාට ලබාදීම නතර කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රවාහන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ කීර්ති සමරසිංහ දිසානායක මහතා ක්‍රියා කර ඇති බව හෙළි වේ. ‍මොහු මුලින්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික රියදුරෙකු වශයෙන් කටයුතු කර ඇත.

රජයේ මූල්‍ය රෙගුලාසි අනුව එක් එක් ආයතනවල වත්කම් සහ බැරකම් පිළිබඳව වාර්තාවක් සෑම වර්ෂාවසානයකදීම ලබාදිය යුතුව තිබේ. එම නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම බිඳ දමමින් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රවාහන අධ්‍යක්ෂ වරයා ක්‍රියා කර ඇත. මේ නිසා ජනාධිපතිවරයා වෙනුවේන් වෙන් කළ වාහන සංඛ්‍යාව කොපමණද, ඒවා පිළිබඳ විස්තර මොනවාදැයි හෙළි කර ගැනීමට නොහැකි වී ඇත.

වාහන 44ක් සම්බන්ධයෙන් තොරතුරු අස්ථානගතවීම මුල් කරගෙන මේ වනවිට හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ වරයා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Facebook
Twitter
LinkedIn