ගාල්ල, මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ (07) රාත්‍රි ඇතිවු ගැටුමකින් එහි සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූූවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මියගොස් ඇත්තේ හබරාදුව, වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.
පොලිසිය පැවසන පරිදි දින කිහිපයක සිට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ සිටි මෝටර් රථයක අයිතිකරු හමුවීමට ඔහුගේ මිතුරෙකුත්, යහළුවාගේ සහෝදරයා හා බිරිඳත් පැමිණ ඇත. එම සිව්දෙනාම තේ පානය සඳහා හෝටලයකට ගොස් නැවත පැමිණීමේදී නතර කර තිබූ මෝටර් රථය ඉදිරිපසින් තවත් මෝටර් රථයක් නතර කර තිබෙනු දැක තිබේ. ඒ පිළිබඳව විමසීමට යාමේදී මෙම ආරවුලක් හටගෙන ඇත.
එම ආරව්වල දුරදිගයාමෙන් ඇති වූ පහරදීම්වලින් මියගිය ගොස් ඇත්තේ, පෝලිමේ රැඳී සිටි මෝටර් රථයේ හිමිකරු හමුවීමට පැමිණ සිටි ඔහුගේ මිතුරාය.
මෝටර් රථයේ හිමිකරු හා මියගිය තරුණයාගේ සහෝදරයා පහරදීම්වලින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලිසිය පවසන්නේ, පහරදුන් පාර්ශවයේ අයකුද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය.
මෙම ඝාතනය සිදුව ඇත්තේ, ඉන්ධන පිරවුම් හලේ සිට මීටර් 200කට ආසන්න දුරකිනි.









