පොහොට්ටු මන්ත්‍රී තුවක්කුව පත්තුකරයි

පොහොට්ටු මන්ත්‍රී තුවක්කුව පත්තුකරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ලලිත් වර්ණ කුමාර නොහොත් දයාබර මංජු නැමැත්තා එම පක්ෂයේම කළුතර ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවෙකු සමග ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව අහසට වෙඩි තබා පලාගොස් තිබේ.

හොරණ ප්‍රදේශයේ නිවසක පැවැති ආගමික කටයුත්තකට සහභාගී වී සිටියදී එම නිවසේ සිටි පොහොට්ටු පක්ෂයේම තවත් ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවෙකු සමග බහින්බස්වීමක් සිදුව ඇත. එය දුරදිග ගොස් ගැටුමක් දක්වා වර්ධන වී ඇති අතර එම අවස්ථාවේ පොහොට්පු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර නොහොත් දයාබර මංජු නැමැත්තා විසින් අහසට වෙඩි තබා තිබේ. මේ බව එම නිවසේ හිමිකරු දුරකථනයෙන් දැනුම් දුන් බව පොලිසිය අනාවරණය කරයි.

මෙම වෙඩි තැබීමෙන් කිසිවකුටත් ජීවිත හානි සිදුව නැත.

Facebook
Twitter
LinkedIn