"දතට" ඇප

දතට දතක් ගලවාගත් බව පවසමින් මහින්ද රාජපක්ෂ පිල වෙත පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්කර ගත් තිස්ස අත්තනායක මහතා ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිට ඇපමත නිදහස ලැබීය. මාර්තු 11වන දින යළි අදිකරණයේ පෙනීසිටීමට නියෝග කෙරිණි.

එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර හොර ගිවිසුමක් ඇති බව රටට හෙලි කළේය. මෙහි යොද තිබූ අත්සන් ව්‍යාජ ඒවා බව ජනාධිපතිවරණයට පෙර සමයේම තහවුරු වී තිබිණ.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනා මත තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන තිබුනද ඒවා සකස්කළේ ඔහු විසින් බව සනාත කළ නොහැකියැයි අධිකරණට කරුණු ඉදිරිපත් කිරීම නිසා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වු පුද්ගල ඇප 02ක් මත ඔහු මුදාහැරීමට නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn