දැන් ලැජ්ජා නහරෙ පාස්සගෙනද

වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් සමග කටයුතු කිරීමට තමන්ට ලැජ්ජා සහගත යැයි හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පසුගියදා පැවසූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා විමසන්නේ වත්මන් පාරිලිමේන්තුවේ ඉන්නේද සන්ධාන ආණ්ඩුව සමයේ පැවති පාර්ලිමේන්තුවේම සිටි මන්ත්‍රිවරුන් බැවින් ඒ කාලයේ ලැජ්ජා නහර කපා සිටියේද යනුවෙනි.

එහිදී ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පවසන්නේ “අනුර ප්‍රියදර්ශන මහත්තය අද හරි ලස්සනට කියනවා මේ ජාතියෙ මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක ඉන්න් ලැජ්ජයි කියලා. මේ කතාව තමයි මෑත කාලීනව දේශපාලනඥයෙක් කරපු හොඳම ජෝක් එක. අනුර ප්‍රියදර්ශන යාපා මහත්තයට මේ පාර්ලිමේන්තුවේ ඉන්න ලැජ්ජයි නම් ඉස්සර කොහොමද දන්නෙ නැහැ හිටියෙ. සමහර විට ඒ කාලෙ මෙයාගෙ මේ ලැජ්ජ නහරේ කපල වෙන්න ඇති තියෙන්න ඇත්තේ. ළඟදී ඒක වෑල්ඩින් කරල එකතු කරල අරගෙනද කොහෙද දැන් මේ ලැජ්ජ හිතිල තියෙන්නේ.”

Facebook
Twitter
LinkedIn