කෙහෙළියගේ කෙළි ගැන ගයන්ත නිහඬයි

ජාතික රූපවාහිනියෙන් සහ ස්වාධීන රූපවාහිනියෙන් ටෙලි නාට්‍යය විකාශනය කර ගැනීම සඳහා හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළය රඹුක්වැල්ල මහතා විසින් “රඹුක්වැල්ල පදනම”ට අයතා ආකාරයෙන් මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වේ.

ටෙලිනාට්‍යයක එක කොටසක් විකාශනය කිරීම සඳහා රුපියල් තිස් දහසේ සිට හැත්තෑපන්දහස දක්වා ඉතා අධික මුදලක් එම පදනමේ නමින් අයකරගෙන තිබේ. අනියම් ලෙස මුදල් ලබා ගැනීම පිළිබඳව සිදු කරන පරීක්ෂණයකදී වර්තමාන ජනමාධ්‍ය ඇමතිවරයාට සාක්ෂි ලබා දීමේ සූදානමකින් කලා කරුවෝ පසුවන බව වාර්තා වේ. එහෙත් ඒ සඳහා අවස්ථාවක් මේ දක්වා නොලැබුණු බව කලාකරුවෝ පවසති.

බත්තරමුල්ල ආසන්නයේ පිහිටි “හාවි රෙස්ටුරන්ට්”හිදී රඹුක්වැල්ල පදනමට මුදල් ලබාගත් රිසිට් පත් නිකුත් කර තිබේ. මෙවැනි සාක්ෂි ගණනාවක් ඉදිරිපත් කිරීමට ඇති බව කලා කරුවෝ වැඩිදුරටත් පවසති.

කලා ක්ෂේත්‍රයේ සහ ජනමාධ්‍ය කෂේත්‍රයේ විවිධ ආකාරයෙන් මුදල් ලබා ගැනීම්වලට හිටපු ජනමාධ්‍ය ඇමතිවරයා සම්බන්ධ බව මේ වනවිට හෙළි වෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn