ඔබත් වෛරසයේ ගොදුරක්ද?

මේ දිනවල ෆේස්බුක් ඔස්සේ වෛරසයක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. Malware Trojan ගනයේ මෙම වෛරසයයට ලංකාවේ බොහෝ පිරිස්ද ගොදුරු වී ඇති බව වාර්තා වේ. කාමුක වීඩියෝවක් නැරඹීම සඳහා Adobe Flash Player update එක ලබාගන්නා ලෙස මෙම  වෛරසය ව්‍යාප්ත වී තිබේ.

Adobe සමාගම විසින් නිකුත් කරනFlash Player update එකට බොහෝ සෙයින් සමාන වීමේ හේතුවෙන් බොහෝ දෙනාමෙම වෛරසයට ගොදුරු වී තිබුණි.මෙම වෛරසයටගොදුරු වූ සැනින් එම පුද්ගලයාගේ යහළුවන් 20කට ස්වයන්ක්‍රීයව එම වෛරසයසහිත සබැඳිය Tag වනු ලැබේ. මෙම වෛරසයේ බරපතලම අනතුර වන්නේ ඊට ගොදුරු වීමෙන් පරිශීලකයන්ට යා යුතුවෙබ් අඩවි වෙනුවට වෙනත් වෙබ් අඩවි වෙත යොමු කිරීමත් ගිණුම් වල රහස් පදසොරාගැනිමත් සිදුවීම ය.

වෛරසය ඉවත් කරගන්නා ආකාරය

මෙම වෛරසයඉවත්කරගැනීම සනදහා Antivirus මෘදුකාංගයෙන් Scan කිරීම ප්‍රමාණවත් නොවේ. පළමුව වෙබ් Browser යට ඔබ විසින් එකතු කරගත් Addon එක Browser > Settings> Extensions වෙත පිවිස ඉවත් කරගත යුතු අතර ඉන් පසුව ඔබේපරිගණකයේ වෙනස් වූ DNS Settings මුල් තත්වයට පත් කරගත යුතුවේ.

https://developers.google.com/speed/public-dns/docs/using

උපුටාගැනීම ලක්බිම

Facebook
Twitter
LinkedIn