ප්‍රශ්න විසඳන්න තවත් අවුරුදු 26ක් ඉන්න – රනිල්

ප්‍රශ්න විසඳන්න තවත් අවුරුදු 26ක් ඉන්න – රනිල්

ශ්‍රී ලංකාව නිදහසේ ශත සංවත්සරය සමරණ 2048දී නිදහස් සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බව අගමැති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

රට මේ වනවිට මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙම විශේෂ ප්‍රකාශය කළ අතර තව අවුරුදු 26කින් නිදහස් සහ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන්නේ යැයි අවධාරණය කෙරිණ. මේ වනවිට රජය ගෙවිය යුතු ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමුළුවක් පවත්වන්නේ යැයිද ඒ වෙනුවෙන් උපදෙස් ගැනීමට ජාත්‍යන්තර සමාගම් දෙකක් පත් කර ඇති බවද මෙහෙදී ප්‍රකාශ කෙරිණ.

මේ වනවිටත් ආහාර, ඖෂධ සහ බලශක්තිය සම්බන්ධයෙන් උග්‍ර අර්බුදයකට පත් වී සිටින මෙරට ජනතාවට ක්ෂණිකව සහන ලබා දීම පිළිබඳව මෙහිදී කිසිවක් සඳහන් නොකිරීම විශේෂත්වයකි. අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ පත් කළ වහාම 21වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනබව ප්‍රකාශ කළද තවමත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර අනුමැතිය ලබාගෙන නොමැත.

එසේම මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කළ පසුව මේ දක්වා ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් රට හමුවේ තබා නැති අතර අවස්ථා කිහිපයකදී විශේෂ ප්‍රකාශ කිරීම පමණක් කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්