පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැයෙන් යෝජනා කර තිබූ වර්ග අඩි 5000ට වැඩි නිවාස හා රුපියල් මිලියන 100 ඉක්මවන නිවාස වෙනුවෙන් පැනවූ මන්දිර බද්ද සංශෝධනයට ලක් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේදී බදු අය කිරීමේදී පරම්පරාවෙන් පැවැති එන එවැනි නිවාස වෙනුවෙන් මුදල් අය නොකිරීමටත්, මහල් නිවාස සංකීර්ණ ඇතුළු එවැනි ගොඩනැගිලිවලින් බදු අයනොකිරීමටත් තීරණය කර ඇතැයි වාර්තා වේ. එසේම මෙම බදු අය කිරීම ආසන්න වසර 05ක් හෝ 06ක් ඇතුළු කාලයේ ඉදිකරනු ලැබූ මන්දිර වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වී ඇති බවයි.

Views: 0









