මහින්ද රාජපක්ෂට පමණක් යෑමට ගෙන්වීමට සූදානම් වූ කෝටි 208 ගුවන් යානය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින සමයේ ජනාධිපතිවරයාට පමණ ගමන් කිරීමට නිල ගුවන් යානයක් ගෙන්වීමට කටයුතු කර තිබූ අතර එම ගුවන් යානය ගෙන්වීම නතර කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

රුපියල් කෝටි 208ක් පමණ වටිනා කමක් ඇති එම විශේෂ ගුවන් යානය ගෙන්වීමට සූදානම් වී ඇත්තේ ජනාධිපතිවරයා වෙනුවෙන් ගමන් බිමන් යෑම වෙනුවෙන් වෙන් කෙරුණු ගුවන් යානා ගුවන් හමුදාව සතුව පවතිද්දී වීම විශේෂත්වයකි.

පසුගිය පාලන කාලය පුරාවට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් හා ගුවන් යානා අතර දැඩි කතා බහක් මතුවිය. ජනතා මුදල් නාස්ති කරමින් පාඩු ලබන ගුවන් සමාගම් නඩත්තු කිරීම, අශ්වයන් පැදීම වෙනුවෙන් ගුවන් යානා භාවිතා කිරීම, යෝෂිත රාජපක්ෂ භාරයේ තිබී සැහැල්ලු ගුවන් යානයක් හමුවීම, සජීන් වාස් ගුණවර්ධන සතුව ගුවන් යාන සහ පුහුණු පාසලක් තිබීම, රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේ ගමන් බිමන් වෙනුවෙන් වෙන වෙනම ගුවන් යානා භාවිතා කිරීම, මහින්ද රාජපක්ෂ මහතා ගමන් කරන අවස්ථාවලදී ගුවන් යානා දෙකක් ගමන් කිරීම පිළිබඳව මැතිවරණ වේදිකාවලදී මෙන්ම මාධ්‍ය හරහාද දැඩි කතාබහක් මෙන්ම ජනතා විරෝධයක් එල්ල විය.

එසේම පසුගිය ජනාධිපතිවරණයේදී බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, විමල් වීරවංසගේ ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිතා කර සිදුකළ ගමන් බිමන් වෙනුවෙන් ගුවන් හමුදාවට රුපියල් කෝටි අටකට අධික මුදලක් අයවීමට තිබෙන බව හෙළිවී තිබේ.

Facebook
Twitter
LinkedIn