අලි පොත සොයා ගනී

වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින ශ්‍රී ලංකාවේ අලි ලියාපදිංචි කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් පොත සොයාගත් බව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඊයේ (31) රාත්‍රියේ පැවැති සටන දේශපාලන සංවාදයේදී හෙළි කර සිටියේය. එහිදී නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ අලි පොත කිසිදු දිනෙක අස්ථානගත වීමක් සිදු නොවූ බවට නිලධාරීන් ප්‍රකාශ කළ බවයි.

අලි පොත ලෙස හඳුන්වන එම තොරතුරු ඇතුළත් පොත පිළිබඳව පසුගිය රජයේ සිටී වනජීවී ඇමතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් ප්‍රකාශ කර සිටියේ අස්ථානගත වී ඇති බවයි. පසුගිය කාලය පුරාවට එම පොත අස්ථානගත කරවීම පිටුපස පැවති ආණ්ඩුවේ ප්‍රබලයින් නීති විරෝධිව අල්ලාගනු ලබන අලි පැටවුන් පිළිබඳ තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීම සඳහා පැවති ආණ්ඩුවේ ප්‍රබලයින්ම එම පොත රැගෙන ගොස් තිබෙන්නට ඇති බවට පරිසරවේදීන් සැක කරයි.

Facebook
Twitter
LinkedIn