අද (06) පැවැත්වෙන හර්තාල් ක්‍රියාමාර්ගවලට සමගාමීව හොරණ නගරයද එක්වී තිබේ.
හොරණ නගරයේ සියලුම කඩසාප්පු වසා දමා ඇති අතර රථවාහන ගමනාගමනයද නතර වී ඇත.
එමෙන්ම ජන ශුන්‍ය ප්‍රදේශයක් බවට මේ වනවිට හොරණ නගරය පත්ව තිබේ.
මෙම හර්තාල් ක්‍රියාමාර්ග පැවැත්වෙන්නේ ජනාධිපති ගෝටාබය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂ ඇතුළු දුර්දාන්ත ආණ්ඩුවට වහාම බලයෙන් ඉවත්වන ලෙසත් රාජපක්ෂ පවුලේ සියලුම දෙනාට පාර්ලිමේන්තුවේ ඉවත්වන ලෙසත් රට පුරා මේ වනවිට මාසයකට අධික කාලයක සිට පැවැත්වෙන විරෝධතාවලට සමගාමීවය.
Views: 0









