අක්කරපත්තුව පලමුණේ ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
මෙම රෝහල් ගත කරන ලද පිරිස අතර අක්කරපත්තුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද සිටින බව පැවසේ.
හිස් වැසුම් නොමැති යතුරුපැදිකරුවෙකු පොලිස් අණ නොතකා මාර්ග බාධකය හරහා ගමන් කිරීමේදී ලිස්සා ගොස් එම ස්ථානයේ ඇද වැටී ඔහු තුවාල ලැබා ඇත. පසුව අදාළ සිදුවීම මත එහි පැමිණි ප්‍රදේශවාසින් සහ පොලිසිය අතර නොසන්සුන්තාවයක් ඇති වී තිබේ බවට පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.
තත්වය පාලනයට පොලිස් නිලධාරියෙකු විසින් කළ වෙඩි තැබීමකින් එක් පුද්ලයෙකු තුවාල ලැබීමත් සමග ප්‍රදේශවාසින් විසින් පොලීසියට පහරදීමක් සිදුකර ඇත.
Views: 0









