කැලණිය සියැට් ආයතනයේ සේවක සේවිකාවන් මේ වනවිට හර්තාල් ක්රියාහාර්ග හා එක් වී සිටිති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ ආණ්ඩුවටම එරෙහිව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන 2000කට අධික ප්‍රමාණයක් එක්ව අද (06) දිවයින පුරා පැවැත්වෙන පැය 24ක හර්තාල් ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක බව ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය (TUCC) සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.
ජනතා මතයට ගරු කිරීමට රජය සහ ජනාධිපතිවරයා අද දිනය අවසන් වනවිට පියවර නොගතහොත් මැයි 11 වැනිදා සිට අඛණ්ඩ හර්තාලයක් දක්වා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව හර්තාල් කමිටුව වෙනුවෙන් ඔහු සඳහන් කළහ.

Views: 0










