රඹුක්කන ඝාතනයට එරෙහිව ඇඳිරිනීතිය මධ්‍යයේ විරෝධතා…

රඹුක්කන ඝාතනයට එරෙහිව ඇඳිරිනීතිය මධ්‍යයේ විරෝධතා…

රඹුක්කන පොලිස් බලප්‍රදේශයෙට පනවා ඇති ඇඳිරීනීතිය නොතකා ජාතික ජන බලවේගය සහ සිවිල් සංවිධාන එකමුතුව අද රඹුක්කන නගරයේදී විරෝධතාවයක නිරතවූහ.

ඉන්ධන පැවති මිලට ලබා දෙන ලෙස ඉල්ලමින් රඹුක්කන නගරයේ ජනතාව ඊයේ (19) අළුයම සිට පැවති විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය එල්ල කළ වෙඩි පහරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබූ අතර පසුව රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවන ලදී.

ජනතාවගේ සාධාරන විරෝධතාවයට පොලීසිය යොදා සිදු කළ මෙම ම්ලේච්ච ඝාතනය හෙලාදකිමින් මෙලෙස අද විරෝධතාවය පැවති අතර ඊට ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් නායකයින් සිවිල් සංවිධාන එකමුතුවේ සංවිධායකයින් ඇතුළු ප්‍රදේශවාසීන් එක්වි සිටියහ. එම අවස්ථාවට භික්ෂූන් වහන්සේලා, වෛද්‍යවරු, නීතීඥයින්, ව්‍යාපාරිකයන්, විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ ගරුවරු ඇතුලු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීකයන් රැසක්ද එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn