ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව අද (20) තගල්ල ධීවර කාර්මිකයෝ අග්‍රාමාත්‍යවරයාගේ කාල්ටන් නිවස අසළ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ඔවුන් අද උදේ තංගල්ල නගර මධ්‍යයේ උද්ඝෝෂණ අරඹා අග්‍රාමාත්‍ය වරයාගේ කාල්ටන් නිවස අසළට විරෝධා පෙළපාළියකින් ගමන් කර තිබේ. පසුව කාල්ටන් නිවස අසළ විරෝධතා පවත්වා යළි තංගල්ල නගර මධ්‍යයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබේ.
ඊට සහයෝගය ලබා දෙමින් කුඩාවැල්ල ධීවර කාර්මිකයෝද ගාල්ල මාතර පාර කුඩාවැල්ලෙන් හරස් කර උද්ඝෝෂණයක නිරත වී ඇත.
මේ අතර ගාල්ල ධිවර වරායේ ධිවර කාර්මිකයින් මාගාල්ල ධිවර වරාය පරිශ්‍රයේ සිට පාගමනින් ගාල්ල නගරය හරහා ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වී තිබේ.



Views: 0










