සියලු වෘත්තීය සමිති විරෝධතා කළු දිනයක් ප්‍රකාශයකට පත් කරති

සියලු වෘත්තීය සමිති විරෝධතා කළු දිනයක් ප්‍රකාශයකට පත් කරති

රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වමින් මේ වනවිට රට තුළ පැන නැග ඇති මහජන විරෝධතාවලට සහයෝගය දක්වමින් ජනාධිපතිවරයාත් දුර්දාන්ත ආණ්ඩුවත්ටත් බලයෙන් ඉවත් වන ලෙස බල කරමින් දුම්රිය, තැපැල්, වරාය, අධ්‍යාපන ඇතුළු සියලු වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන ජාතික කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර ඇතැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ සඳහන් කරයි.

ඒ අනුව අනිද්දා (20) වන දිනයේ රටපුරා සියලු සේවකයන් කළු වර්ණයෙන් සැරසී විවිධ ආකාරයේ විරෝධතා දක්වන බවත් ආයත තුළ කළු කොඩි ප්‍රදර්ශනය කරන බවත් ඔහු පවසයි.

මීට අමතරව 28 වනදා දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් දියත් කරන බවත් ඊටද කන් ලබන මස 06 වනදා එක්දින සංඛේතාත්මක හර්තාලයක් ප්‍රකාශයට පත් කරන බවත් ඔහු පවසයි.

එයටද යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේනම් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් පන්නා දැමීම සඳහා දීපව්‍යාප් වෘත්තීය සමිති අරගලයක් දියත් කරන බවත් එහු වැඩිදුරටත් පවසයි.

https://youtu.be/gMtxBRer5ZM
Facebook
Twitter
LinkedIn