බොරතෙල් මිලත් යළි ඉහළට

බොරතෙල් මිලත් යළි ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අද (17) දිනයේ නැවතත් ඉහළ ගොස් තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය සතියට වඩා ඩොලර් 10කින් පමණ ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද පස්වරුව වනවිට ඩොලර් 111.70ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

බොරතෙල් බැරලයක් පසුගිය සතිය වනවිට ඩොලර් 100.58ක පැවති අතර ඉදිරි දින කීපයේදී බොරතෙල් මිල තව දුරටත් ඉහළ යනු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය හේතුවෙන් යුරෝපා රටවල් වෙනත් රටවල්වලින් බොරතෙල් මිලදීගැනීමට පෙළඹීම මෙම තත්වයට හේතුව බව ආර්ථික විශේෂඥායෝ පවසති.

Facebook
Twitter
LinkedIn