ඉන්දියන් ඔයිල් සමාගම (IOC) අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පිරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ සියලුම වර්ගවල පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35කින් ඉහළ දමා ඇත.
ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 338ක් ලෙසද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 367ක් ලෙසද ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289ක් ලෙසද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 327ක් ලෙසද ඉහළ දමා ඇත.
Views: 0









