අද (16) දිනයේ සිට යළි විදුලි කප්පාදුව සිදුකරන බවත් අද සහ හෙට (17) දෙදින තුළ දිවා කාලයේ පමණක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
සුපුරුදු පරිදි ප්රධාන කලාප දෙකක් යටතේ පැය 02යි මිනිතුත් 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බවද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, G, K, L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර පැය 02යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
එමෙන්ම P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර කාලය තුළ පැය 02යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
Views: 0









